FAST NEWS

24×7 Around the Globe

පොලිතීන් තහනම් වීමත් එක්ක වෙළදපලට විකල්ප ඇවිත්..

පොලිතීන් ආශ‍්‍රිත නිෂ්පාදක කිහිපයක් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම අද (01) සිට තහනම් වෙයි.

මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න පැවැසූවේ ලන්ච් ෂීට්, සිලි සිලි බෑග් ඇතුළු පොලිතින් නිෂ්පාදන අද සිට තහනම් බවය.

එසේම තහනම් කෙරෙන පොලිතීන් නිෂ්පාදන වෙනුවට භාවිත කළ හැකි විකල්ප නිෂ්පාදනයක් කැළණිය විශ්ව විද්‍යාලය ඊයේ(31) එළිදැක්වූ බව පැවසේ.

එම විශ්ව විද්‍යාලයේ තිරසර විසඳුම් මධ්‍යස්ථානයේ ආචාර්ය යූ පී කේ ඈපා පැවසුවේ
මෙම පියවර ඉතා හොඳ පරිසරයට හිතකාමී මානවයාට හිතකාමී ක්‍රියාවක් බවත් නැවත නැවත භාවිත කළ හැකි පසුම්බියේ පවා ගෙනගිය හැකි පරිසර හිතකාමී නිෂ්පාදනයක් තම විශ්වවිද්‍යාලය හඳුන්වා දී ඇති බවත්ය.

තහනම් කෙරෙන පොලිතීන් නිෂ්පාදන වෙනුවට විකල්ප නිෂ්පාදන කිහිපයක් මේ වනවිටත් වෙළඳ පොලට හඳුන්වා දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියද පවසන අතර ඉකුත්දා කළ ක්ෂේත‍්‍ර චාරිකාවන්හි දී පාරිභෝගිකයින් සහ ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකු පැවසුවේ එවැනි විකල්ප පිළිබඳ තමන් නොදන්නා බවයි.