FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට ලකුණු 168ක පරාජයක්..

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 168ක පරාජයක් ලැබීය.

ලකුණු 375ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42.4කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 207ක් පමණි.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 නිමාවන විට කඩුලු 05ක් බිඳවැටී ලකුණු 375ක් ලබාගැනීමට සමත් විය.

ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක විරාට් කෝලි ලකුණු 131ක් ලබාගත් අතර, රෝහිත් ශර්මා ලකුණු 104ක් ලබා ගනිමින් ශතක රැස් කළේය.

ඉන්දීය ඉනිමේ කඩුලු බිඳ දැමීමේදී මැතිව්ස් කඩුලු 2ක් සහ මාලිංග, අකිල, ෆනැන්ඩෝ කඩුල්ල බැගින් බිඳදැමීමට සමත්වූහ.

ලකුණු පුවරුව පහතින්..

1