FAST NEWS

24×7 Around the Globe

වාහන සඳහා හිඟ බදු මුදල් අයකිරිමේදී සහන කාලයක්..

සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී හෝ අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන සඳහා හිඟ බදු මුදල් අයකිරිමේදී සහන කාලයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ හිඟ බදු මුදල් ගෙවීම සඳහා හෙට(01) සිට නොවැම්බර් 30 වනදා දක්වා මාස 3 ක කාලසීමාවක් හිමිවනු ඇති.

මෝටර් රථ ප්‍රවහන කොමසාරිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ එමෙන්ම සියලුම හිඟ බදු මුදල් සමග සියයට 5 ක දඩ මුදලක් පමණක් අය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි.