FAST NEWS

24×7 Around the Globe

පියයුරු ඉවත් කරන්න වෙලාද..? එහෙනම් කියවන්න..

පියයුරු පිළිකා හේතුවෙන් පියයුරු ඉවත් කිරීමට සිදුවුවහොත් පියයුරු හෝ පියයුරු යුගල නැවත සැකසීමට හැකියාව ඇති බව වාර්තා වේ.

පිළිකා රෝගය නිසා සැත්කමකින් පියයුරු ඉවත් කළ කාන්තාවන්ට මෙය සුබ ආරංචියක් වන අතර පියයුරු නැවැත සැකසීම ආකාර ත්‍රිත්වයකින් සිදුකරනු ලබන බවත් කියැවේ.

එම ආකාර ත්‍රිත්වය නම් පළමුවැන්න, ඇඟේ තිබෙන පටක, එනම් උදරය ආශ්‍රිතව තියන මාංසපේශිය අවට තියෙන සමයි, මේද තට්ටු සියල්ල රැගෙන ඒවා මඟින් පියයුරු නැවැත සකස් කිරීම සිදුකෙරේ.

එසේම පිට ප්‍රදේශයෙන් ගැනීමට හැකි මාංස පේශියි, සම මේද තට්ටු ගැනීමටද හැකි බවද පැවසේ.

දෙවැනි ආකාරය ලෙස තට්ටම් ප්‍රදේශයෙන් මාංසපේශි හා රුධිර නහර ලබාගෙන සිදුකිරීමට පුළුවන් වෙයි.

ලේ නහරත් සමඟම ලබා ගැනීම තුළින් ලේ නහර බද්ධ කිරීම අවශ්‍ය නොවන බවත් පියයුරු සකස් කිරීමේදී ලේ නහර කිහිල්ලේ තියන ලේ නහර සමඟ සම්බන්ධ කරනු ලබන බවත් ධමනි හා ශිරා කියන රුධිර නහර දෙකම මෙසේ සම්බන්ධ කරන බවත් සදහන්ය.

තෙවැනි ආකාරය ලෙස සැත්කම සිදුකරන විට පියයුරු ඉවත් කිරීම සිදුකරන අවස්ථාවේදී පියයුරේ බාහිර සම ඉතිරි කර අභ්‍යන්තර කොටස් ඉවත් කිරීම මෙහිදී සිදුවෙයි.

එහිදී පියයුරු නැවැත රෝපණය කරන ක්‍රියාවලියකට යොමුකරවනු ලැබේන බව වාර්තා වෙයි.