FAST NEWS

24×7 Around the Globe

හජ් වන්දනාකරුවන්ට දුරකථන අංකයක්.. හේතුව මෙන්න..

සෞදි අරාබියේ මක්කම නගරයේ ආගමික වතාවත් සිදුකිරීම සඳහා විවිධ රටවලින් පැමිණ සිටින හජ් වන්දනාකරුවන්ගේ පහසුව සඳහා දුරකථන අංකයක් සෞදි හජ් සහ උම්රා අමාත්‍යාංශය ලබාදී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

හජ් වන්දනාකරුවන්ට ඇති ප්‍රශ්න 8003404444 යන දුරකථන අංකයට යොමු කළ හැකි අතර දැනගැනීමට අවශ්‍ය දෙයක් ඇතිනම් www.haj.gov.sa යන වෙබ් අඩවියට පිවිසිමෙන් දැනගැනීමට හැකි බව අමාත්‍යාංශය විවිධ රටවලින් පැමිණ සිටින හජ් වන්දනාකරුවන්ට දැණුම් දී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)