FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ හූස්ටන් සායනික ද්‍රව්‍ය කම්හලක් පුපුරායෑමේ අවධානමක්..

ඇමෙරිකාවේ හූස්ටන් ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය සමග එහි පිහිටි රසායනික ද්‍රව්‍ය කම්හලක් පුපුරායාමට හෝ ගිනිගැනීමට ඉඩ ඇති බවට එරට බලධාරීන් අනතුරු අඟවා ඇගි බව විදෙස් වාර්තා පවසයි.

හාවි සුළිකුණාටුව සමග හටගත් ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කම්හලේ පවතින රසායනික සංඝටක නියමිත තත්ත්වයෙන් තබාගැනීම ගැටලුවක් වන බවත් එහෙයින් පිපිරීම හෝ ගිනි ගැනීම නැවැත්වීමට පිළියමක් නොමැති අදාළ කම්හල අයිති සමාගම පවසයි.

ඉදිරි දිනවලදී නැගෙනහිර ටෙක්සාස් සහ බටහිර ලුසියානා ප්‍රාන්තවලට අධික වැසි ලැබීමේ ඉඩක් පවතින බවයි ඇමෙරිකා කාලගුණ අංශ සදහන් කර ඇති බව වාර්තා වේ.

හාවි සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් 30කට අධික පිරිසක මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

(DE සිල්වා)