FAST NEWS

24×7 Around the Globe

වියළි ගම්මිරිස් කිලෝවක් සඳහා සහතික මීලක් නියම වෙයි…

වියළි ගම්මිරිස් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 900 ක උපරිම සහතික මිලක් නියම කිරීමට කැබිනට් අනුමැතිය හිමි වු බව ඊයේ (30) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

මෙම යෝජනාව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා විසින් කැබිනට් මණ්ඩයට ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම යෝජිත සහතික මිල හා පවත්නා මිල අතර වෙනස සැලකිල්ලට ගෙන ගම්මිරිස් කිලෝග්‍රෑම් එකක් සඳහා මිල රුපියල් 150 ක උපරිමයකට යටත්ව රජයේ සහනාධාරයක් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මෙම යෝජනාවෙන් අවාධාරණය කර තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳ‍පොළ සහ දේශීය වෙළෙඳ‍පොළ තුළ ගම්මිරිස් මිල පහළ යාම හේතුවෙන් ගම්මිරිස් වගාකරුවන් අපහසුතාවට පත්වීම වැළැක්වීම හා ඔවුන්ගේ ජීවනෝපාය හා ආදායම් මාර්ග සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම යෝජනාවට
අනුමැතිය හිමි වී තිබේ.

කෙසේ වෙතත් මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වෙළෙඳ‍පොළ තුළ වියළි ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 900 ඉක්මවන තෙක් පමණක් ක්‍රියාත්මක විමට පමණක් මෙම අනුමැතිය හිමීව තිබේ.

(DE සිල්වා)