FAST NEWS

24×7 Around the Globe

ගෑස් මිල ඉහළට..?

හෙට(01) හෝ අනිද්දා(02) දිනවලදී බොහෝ දුරට ගෑස් මිලෙහි වෙනසක් සිදුවිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ආරංචි මාර්ග පවසයි.

ලිට්‍රෝගෑස් සමාගම සහ ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් මිල වැඩි කිරීමට අවසරය ලබා දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති බවත් රුපියල් 200 කින් පමණ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම් අවසරය ඉල්ලා ඇතිබවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගෑස් මිලෙහි වෙනසක් සිදු කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ග පවසයි.

මේ වන විට වෙළෙඳ‍පොළේ කිලෝග්‍රෑම් 12.5 ක් බරැති ගෑස් සිලින්ඩරයක මිල (කොළඹ මිල) රුපියල් 1321 කි.