FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාව පරදා බංග්ලාදේශය තියුණු ටෙස්ට් ජයක් වාර්තා කරයි..

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කරමින් දෙරට අතර මීර්පූර්හි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණූ 20 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අද (30) සමත්විය.

තරගයේ සිව්වැනි දිනය වු අද (30) සිය ජයගහ්‍රණය සඳහා ලකුණූ 265 ක ජයග්‍රාහි ඉලක්කයක් හාඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණූ 224 ක් සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විය.

මෙහිදි කැපි පෙනෙන පන්දු යැවීමක නිරත වු සකිබ් අල් හසන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුළු 05 ක් ලකුණූ 28 ලබා දී දවා ගැනීමට සමත් විය.

මෙය ඔස්ට්‍රේලියා කණ්ඩායමකට එරෙහිව බංග්ලාදේශය වාර්තා කළ පළමු ටෙස්ට් තරග ජය වෙයි.

දෙරට අතර ටෙස්ට් තරග 5ක් පවත්වා ඇති අතර ඉන් හතරක්ම ජයගෙන තිබුණේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

දෙරට අතර අවසන්වරට ටෙස්ට් තරගාවලියක් පවත්වා ඇතතේ 2006 වසරේදීයි.

(DE සිල්වා)