ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන පිලිපීනයේ ‘‘රමෝන් මැග්සයිසේ’’සම්මානය මෙවර ශ‍්‍රී ලාංකිකයෙකුට ද පිරි නැමීමට තීරණය කර තිබේ.
සම්මානය පිරි නැමීමට නියමිතව ඇත්තේ ජී.ෂන්මුගම්ට මහත්මියට ය. යුද්ධයෙන් සහ විවිධ ගැටුම් හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ ජීවිත යළි නගා සිටවීම වෙනුවෙන් ඇය සිදු කළ විශිෂ්ඨ කැප කිරීම අගය කරමින් මෙම සම්මානය පිරි නැමීමට තීරණය කර ඇත.
වසර 40 කට අධික කාලයක් ඇය ශ‍්‍රී ලංකාව තුළ මෙම කටයුත්තෙහි නිරත විය. ඇයගේ විශේෂිත ඉලක්ක ගත කණ්ඩායම බවට පත් වූයේ පීඩාවට පත්වූ කාන්තාවන්ට සහ ළමුන්ට පිහිට වීමය.
සම්මානය ලබා ගැනීම සඳහා ජී.ෂන්මුගම් මේ වන විට ද පිලිපීනය බලා ගොස් තිබේ.
‘‘රමෝන් මැග්සයිසේ’’ සම්මානයෙන් පිදුම් ලබන දස වන ශ‍්‍රී ලාංකිකයා වන්නේ ඇයයි. මීට පෙර 1958 දී මේරී රත්නම් එම සම්මානයෙන් පිදුම් ලැබූ අතර 1959 වසරේ දී ද ටාර්සි විට්ටච්චිට ද මෙම සම්මානය හිමි විය.
ඒ. ටී. ආරියරත්න 1969 දී හා ජෝෂප් ෆර්ඩිනැන්ඩස් සහෝදරතුමන් 1976 දී ද එල්. ටී. පී. මංජු ශ‍්‍රී 1979 දී ද මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලැබීය.
මර්සිලින් ජයකොඩි පියතුමන් 1983 දී මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අතර එදිරිවීර සරත්චන්ද්‍රයන්ට ද 1988 දී මෙම සම්මානය හිමි විය.
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් 2001 දී මැගසයිසේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2008 දී ආනන්ද ගලප්පත්ති එම සම්මානයෙන් පිදුම් ලැබීය.
මැග්සයිසේ සම්මානය ශ‍්‍රී ලාංකික කාන්තාවකට හිමිවන දෙවන අවස්ථාව මෙයයි. ඇයට අමතරව පිලිපීන ජාතික කාන්තාවකට ද මෙවර එම සම්මානය හිමි වේ. එමෙන්ම ඉන්දුනීසියානු, ජපාන හා සිංගප්පූරු ජාතිකයින් තිදෙනෙකුට ද පිලිපීනයේ ක‍්‍රියාත්මක සංවිධානයකට ද මෙවර සම්මානය පිරිනැමීමට නියමිතය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.