FAST NEWS

24×7 Around the Globe

වසර 7ක පරීක්ෂණ වලින් පසුව බේතක් හොයාගෙන..

වසර 07ක කාලයක් පුරා සිදුකළ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස හෘද රෝග සහ පිළිකා සඳහා භාවිත කළ හැකි ඖෂධයක් සොයාගැනීමට මහාචාර්යවරයෙකු සමත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය පොල් රිඩ්කර් විසින් මෙම ඖෂධය සොයාගෙන ඇති බවත් ඔහු එය ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහි පැවති වෛද්‍ය සමුළුවකට ඉදිරිපත් කර ඇති බවත්ය.

මහාචාර්ය පොල් රිඩ්කර් පවසන්නේ මෙම නව ඖෂධය හෘද රෝගීන් සහ පිළිකා රෝගීන් සඳහා ඉතිහාසගත වන ප්‍රතිකාරයක් බවයි.