නිරිතදිග චීනයේ ගුයිජෝ පළාතේ කඳුකර ප්‍රදේශයක සිදුවූ නාය යාමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී 25 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
මෙම නාය යාම හේතුවෙන් නිවාස 34කට හානි සිදුව ඇති අතර විපතට පත්වූවන් ගලවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය උපකරණ සමඟ සහන සේවා කණ්ඩායම් පිටත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කලේය.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූ හත් දෙනෙකු රෝහල්ගත කළ බවත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්ය.
C.රොද්‍රීගු









