සුඛෝපබෝගී මෝටර් රථයකින් තරුණියක් පැහැරගෙනයන බවට හෙට්ටිපොල පොලිසියට ලද තොරතුරක් ඔස්සේ විමර්ශනය කර පොලිසි 4ක මාර්ග මෙහෙයුමකින් අනතුරුව සැකකරු ගිරිඋල්ල පොලිසිය විසින් යෙදවූ මාර්ග බාධකයකින් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
ඉකුත් 01 වැනිදා සවස මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ වීරපොකුණ බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අතර පැහැරගෙන ආ බව කියන කාන්තාව කන්තලේ ප්‍රදේශයේ විවාහක එක්දරු මවක් වේ.
සැකකරු හා සිය මව පියා සමගින් දිගුකළක් ඉතාලියේ සේවය කරමින් සිට ඇති අතර මව හා සැකකරු පසුගිය දිනක ලංකාවට පැමිණ සිටි අතරවාරයේ මෙම සිදුවීමට මුහුණදී තිබේ.
පැහැරගැනීම සම්බන්ධව ගිරිඋල්ල පොලිසිය මගින් ප්‍රශ්න කිරීමේදී දින කිහිපයක් සැකකරු කාන්තාව සමගින් මෝටර් රථයේ කල් ගෙවා ඇති බවත් සියලූ ආහාරපාන හා බහිශ්රාවීය අවශ්‍යතා යම් යම් භාජන උපයෝගීකරගෙන මෝටර් රථය තුළදීම සිදුකර ඇති බවත් අනාවරණ වී තිබේ.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී රුපියල් ලක්ෂ 4ට අධික මුදලක් මෝටර් රථයේ තිබී හමුව ඇති අතර ඊට දෙදෙනාම අයිතිවාසිකම් කී බවත් සඳහන්ය.
කුරුණෑගල ප්‍රදේශයේ සිට කාන්තාව රැගෙන වාරියපොල හෙට්ටිපොල නගර පසුකරමින් පැමිණීමේදී කාන්තාව එකවර සිය ශරීරය මෝටර් රථයෙන් බැහැරට ගෙන කෑගැසූ බවත් එතැන් පටන් අධික වේගයෙන් කුලියාපිටිය නාරම්මල හරහා මොටර් රථය ධාවනය කළ බවත් සැකකරු ගිරිඋල්ල පොලිසියට ප්‍රකාශකර තිබේ.
අධික වේගයකින් ගමන්ගෙන තිබූ මෝටර් රථය ගිරිඋල්ල පොලිසිය මගින් ලොරියක් මග හරස්කොට යොදා තිබූ මාර්ග බාධකයක් හේතුවෙන් සැකකරු පැදවූ මෝටර් රථය අනතුරකටද ලක්වූ පසු නවතාගැනීමට හැකිව ඇති අතර වාරියපොල සිට අනතුරු දෙකක් හා තවත් අනතුරු අදාළ මෝටර් රථය මගින් සිදුකර ඇති බවට පසු විමර්ශනවලින් අනාවරණයවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හා කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනත් කාන්තාව වැඩිදුර පරීක්ෂණ හා ප්‍රතිකාර සදහා දඹදෙණිය දිසා රෝහලට ඇතුළත්කොට තිබේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.