FAST NEWS

24×7 Around the Globe

ප්‍රසිද්ධ නමකින් අපිරිසුදු වතුර බෝතල් 9000ක් හොරට ගහලා..

මීපේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පානීය ජල බෝතල් නිෂ්පාදන ආයතනයක ලේබල් ව්‍යාජ ලෙස භාවිත කරමින් මහරගම ඇතුළු නගර කීපයකට බෙදා හැරීම සඳහා අපිරිසුදු පානීය ජල බෝතල් නව දහසක් (9000) ගබඩා කර තබන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට රුපියල් පනස් දහසක දඩයක් නියම කළ නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා, එම අපිරිසුදු ජල බෝතල් සියල්ල වහාම විනාශ කර දමන ලෙසට නියෝග කළේය.

මහරගම වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබියදී පාරිභෝගික අධිකාරියට ලත් තොරතුරක් මත මෙම ජල බෝතල් නව දහස අත්අඩංගුවට ගෙන ඇති බවද අනාවරණය විය.