FAST NEWS

24×7 Around the Globe

අනුෂ්කා- ෂාරුක් තුන්වැනි චිත්‍රපටය ප්‍රදර්ශනය වන දවස එළියට..

බොලිවුඩයේ සුපිරි නිළියක් වූ අනුෂ්කා ෂර්මා සිය අලුත්ම චිත්‍රපටය වූ ‘ජබ් හැරී මේට් සේජල්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල මේ දිනවල නිරතව සිටින බව වාර්තා විය.

පසුගිය සති අන්තයේදී ඇය සිය ‘ෆේස්බුක්’ ගිණුම හරහා සජිවීව සිය ‘ෆේස්බුක්’ රසික, රසිකාවියන් අමතමින් ‘ජබ් හැරී මේට් සේජල්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සිදු කළ බව සඳහන් වෙයි.

‘ජබ් හැරී මේට් සේජල්’ චිත්‍රපටය අගෝස්තු 04 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති අතර, අනුෂ්කා මෙහි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමගින් රංගනයෙන් දායක වෙයි.

එසේම අනුෂ්කා හා ෂාරුක් දෙදෙනා බොලිවුඩ් පෙම්වතුන් ලෙස පෙනි සිටින තුන්වැනි බොලිවුඩ් චිත්‍රපටය මෙය වේ.