FAST NEWS

24×7 Around the Globe

අගමැතිට හෙට සුබ පතන්න යන්නේ මෙහෙමයි..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක්‌ පිරීම නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීමට හෙට (04) පාර්ලිමේන්තු විවාදයක්‌ පැවැත්වෙයි.

එහිදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ හා එක්‌සත් ජාතික පක්‍ෂ ඇමැතිවරුන් සහ සියලු හවුල්කාර පක්‍ෂ නායකයන් අදහස්‌ දැක්‌වීමට නියමිත අතර හෙට(04) පෙරවරු 10.30 ට මෙම විවාදය හිටපු සභා නායක වත්මන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කිරීමට නියමිතය.

පැය දෙකක්‌ පුරා මෙම විවාදය පැවැත්වෙන අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුද එහිදී අදහස්‌ දක්‌වති.

එජාපයේ සියලුම මැති ඇමැතිවරුන් විවාදයේදී අදහස්‌ දැක්‌වීමට කාලය ඉල්ලා ඇතත් එම සීමිත කාලය තුළ ඇමැතිවරුන්ට හා ජ්‍යෙෂ්ඨත්වය පදනම් කර ගනිමින් කාලය ලබාදී ඇතැයි සභානායක ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.