FAST NEWS

24×7 Around the Globe

ඉරාජ් උතුරු කොරියාවෙන් සමාව ඉල්ලයි.. (ඡායාරූප)

උතුරු කොරියාව විසින් දිගින් දිගටම කරන මිසයිල අත්හදා බැලීම පසුගියදා ශ්‍රී ලංකාවේ අප්‍රසාදයට ලක්ව තිබුණි.

ඒ අනුව ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව ශ්‍රීලංකාව පවසා තිබුණි.

මෙම නිවේදනය මෙරට සමාජ ජාල ඇතුළු වෙබ් අඩවි වලද දැඩි කතාබහට ලක්වුන අතර ප්‍රසිද්ධ ගායකයෙක් වෙන ඉරාජ් වීරරත්නද මේ පිළිබද ඔහුගේ facebook ගිණුමේ සටහනක් එකතු කර තිබුනි.

‘‘සර් අපිට බෝම්බ ගහන්න එපා අපේ අය පොඩි විහිලුවක් කළේ.. අපි ගොඩක් අසරණ මිනිස්සු අතේ සතේ නෑ. ඊයේ වරායත් විකුණුවා දෙවි පිහිටයි ‘‘ යනුවෙන් එහි සඳහන් වී තිබුණි.

01