FAST NEWS

24×7 Around the Globe

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පියා හෝටලයේදී ඝාතනය වෙයි..

බදුල්ල – මහියංගන මාර්ගයේ කයිලගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ(01) රාත්‍රියේ මොහු සිය හෝටලයේ කාමරයක් තුළ නින්දට ගොස් ඇති අතර, මුහුණ බැඳ ඝාතනය කර තිබූ ඔහුගේ සිරුර අද(02) උදෑසන සොයා ගත් බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 74 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මොහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එඩ්මන් වික්‍රමරත්නගේ වැඩිමහල් සොහොයුරා වන අතර, හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී අජිත් දේශප්‍රිය වික්‍රමරත්නගේ පියාද වේ.