FAST NEWS

24×7 Around the Globe

පාරේ රහසිගත කැමරා සවිකිරීමට යයි – හේතුව මෙන්න..

මාර්ග නීති කඩකරන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේ දී මහාමාර්ග ආශ්‍රිතව රහසිගත කැමරා සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ.

එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය මූලික කරගනිමින් බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බව පොලිස් රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා පවසයි.

රථ වාහන බහුල සහ ජනගහනය අධික ලෙස සැරිසරන නගරයක් වන කොළඹ නගරයේ මාර්ග නීති උල්ලංඝණය කිරීම් ද බහුලව සිදුවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.