FAST NEWS

24×7 Around the Globe

කළුතර 217ක් ඩෙංගු කීටයන් බෝකරලා..

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන බල ප්‍රදේශයේ කළුතර සහ බේරුවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය සේවා කොට්ඨාස තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලිසිය හා හමුදාව සිදුකළ ඩෙංගු මර්දන වැටලීම්වලින් නිවාසවල ඩෙංගු කීටයන් බෝකිරීමේ වරදට හසුවූ පුද්ගලයන් 217 දෙනකුට, එක් අයකුට රුපියල් 5,000 බැගින් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රුපියල් දසලක්ෂ අසූ පන්දහසක දඩ මුදලක් නියම කර තිබේ.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය කළුතර නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකරන ලදී.