රිසිලා බින්ට් නැමති 22 හැවිරිදි බංගලාදේශ නිරූපණ ශිල්පිනියක් ගෙලවැලළා ගැනීමෙන් සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා විය.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි ඇගේ නිවසේදී ඇයගේ සැමියා සමග වීඩියෝ සංවාදයක නිරතවන අවස්ථාවකදී ඇය මෙසේ සියිදිවි හානිකරගෙන ඇති බවයි.
සැමියා සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇය සියිදිවි හානිකරගන්නට ඇතැයි පොලීසිය සැක පහළ කරන අතර ඔවුන් දෙදෙනාට කුඩා දියිණික සිටින බවත්,සිද්ධිය වන අවස්ථාවේ ඇය නිවසේ සිට නොමැති බවත් වාර්තා වෙයි.
ඡායාරූප පහතින්..
















