FAST NEWS

24×7 Around the Globe

අවුරුදු දෙක ඉවරවුන ගමන් අපි එලියට බහිනවා..

‘අපි ආණ්ඩුවට එකතු වුනේ අවුරුදු දෙකකට ආණ්ඩුව තුල ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි කියන අදහස ඇතිවයි. ඒත් මේ වනවිට අවුරුදු දෙකක් ගොස් අවසන් වීමට ආසන්න වුවත් ආණ්ඩුවට එම අවශ්‍යතාවය රටේ ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට නොහැකි වී ඇති බැවින් ගිවිසුම අවසන් වන දිනයේ ආණ්ඩුවෙන් ඉවත් වනව’ මාධ්‍ය හමුවේ ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකු වන තැපැල් හා තැපැල් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා පැවසිය.

එහිදි මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට රටේ සමස්ථ ජනතාවටම මේ ආණ්ඩුව එපා වී ඇති බැවින් අනිවාර්යයෙන්ම අවුරුදු දෙකේ ගිවිසුම අවසන් වන දින තමන් ආණ්ඩුවෙන් යන බවයි.