FAST NEWS

24×7 Around the Globe

බෙහෙත් ගන්න ආ ලෙඩා දොස්‌තරට පහරදී පැන ගිහින්..

මාතර තෙලිඡ්ජවිල ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවකට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගියකු වෛද්‍යවරයා සමග බහින් බස්‌වී වෛද්‍යවරයාට පහරදී තිබේ.

29 දා රාත්‍රි 8.00 ට පමණ තෙලිඡ්ජවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙත ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම පුද්ගලයා වෛද්‍යවරයා සමග බහින් බස්‌වීමක්‌ ඇතිකරගෙන වෛද්‍යවරයාට පහරදී තමා පැමිණි ත්‍රිරෝද රථයෙන්ම පලාගොස්‌ ඇත.

වෛද්‍යවරයා විසින් මේ පිළිබඳව මාලිම්බඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය සැකකරු පැමිණි ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇතැයි පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.