FAST NEWS

24×7 Around the Globe

රුසියානු ජනපති දුන් තිළිණය ජාතික උරුමයක් කිරීමට යයි..

රුසියානු සමාජවාදී සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරට සංචාරයේදී සමරු තිළිණයක් ලෙස පිළිගන්වන ලද “කස්තානය” ජාතික උරුමයක් බවට පත් කිරීමට තීරණය කර තිබේ.

එම කස්තානය ජාතික කෞතුකාගාරය වෙත භාරදීමේ උළෙල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරු 11.30ට කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු ඇමැති එස්.බී. නාවින්න, නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම, බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය, කෘෂිකර්ම ඇමැති ගාමිණි තිලකසිරි යන මහත්වරුද නිලධාරීහුද මෙම අවස්ථාවට සභභාගි විය.