FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේ නව අගමැති ෂහිද් ඛාන් අබ්බාසි…

පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස ෂහිද් ඛාන් අබ්බාසි තෝරාපත් කරගැනීමට එරට නීතී සම්පාදකයන් කටයුතු කර තිබේ.

එ අනුව පාකිස්තාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ඡන්ද 342කින් ඡන්ද 221ක් ලබා ෂහිද් අගමැති ධුරයට තේරීපත්ව ඇති බව විදෙස් පුවත් වාර්තා පවසයි.

දූෂණ චෝදනා හේතුවෙන් බලයෙන් ඉවත්ව ගිය අගමැති නවාස් ෂරීෆ් වෙනුවට බලයට පත්වූ ෂහිද් හිටපු ඛනිජතෙල් අමාත්‍යවරයෙකුද වෙයි.

කෙසේ වෙතත්, හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ සොයුරු ෂාබාස් ෂෙරීෆ් එරට අගමැති ධුරයට පත්කර ගන්නා තුරු අතුරු අගමැතිවරයෙකු ලෙස ෂහිද් අගමැති ධුරයේ රඳවා තබාගැනීම පාලක පක්ෂයේ අපේක්ෂාව වී තිබේ.

(DE සිල්වා)