සංචාරයක් සදහා මෙරටට පැමිණි ස්විස්ටර්ලන්ත ජාතික 22 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාව මත අනුරාධපුර පොලිසිය විසින් ත්‍රිරෝද රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල තරුණිය අනුරාධපුර නගරයේ රාත්‍රී සමාජ ශාලාවට ගොස් මිතුරන් දෙදෙනෙකු සමඟ එහි විනෝද වී නැවත ඇය නවාතැන්ගෙන සිටි හෝටලය වෙත යෑමට ත්‍රිරෝද රථයකට ගොඩවී ඇති අතර පසුව ත්‍රිරෝද රථ රියදුරා ඇයව හෝටලයට රැගෙන යන මුවාවෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තරුණිය දූෂණය කර ඇති බව පැවසේ.
පසුව ඔහු විසින් තරුණියව අනුරාධපුර බස් නැවතුම්පොළ අසල ස්ථානයකට ගෙනවිත් දමා පලා ගොස් ඇති බව සදහන් වන අතර අදාල තරුණිය මේ පිළිබදව හෝටලයේ සිය මිතුරිය වෙත දුරකථන මාර්ගයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව නවාතැන්ගෙන සිටි හොටලයේ කළමනාකරු සහ මිතුරියන් එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.
අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති අතර පොලිසිය සිදුකල පරීක්ෂණ වලදී සැකකාර ත්‍රිරෝද රථ රියදුරා පසුගිය 30 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය.









