FAST NEWS

24×7 Around the Globe

යාපනේ පාතාලයට වඩා දරුණු දෙයක් සිදුවෙමින් පවතිනවා..

පසුගියදා යාපනයේ විනිසුරුවරයෙකුට එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශ පවතින බවත් මෙය භයානක සිද්ධියක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.

“නඩුකාරයා කියන දේ නෙමෙයි පොලීසියෙන් ඇහුව්වම කියන්නේ. මං දන්නේ නැහැ මොකක්ද මේ දෙකෙන් හරි කියලා. මෙතන තියෙන භයානක තත්ත්වය තමයි, පොලිස් නිළධාරියකුට වෙඩි තියලා. ඒ තරම් අද රටේ නීතිය දුර්වලවෙලා. කොළඹ මේ වගේ සිද්ධියක් වුණා. බන්ධනාගාර නිළධාරීන් මැරුවා. දැන් යාපනේ වෙනවා. යාපනේ වෙනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕන මීට වඩා. යාපනේ පාතාලයට වඩා දරුණු දෙයක් සිදුවෙමින් පවතිනවා කියන එක අපිට කියන්න පුලුවන්. එල්.ටී.ටී.ඊ එක ආරම්භ කරන කාලෙත් මේ වගේ සිදුවීම් තමයි සිදු වුණේ ඒ නිසා රජය මීට වඩා මේ ගැන ගැඹුරට හිතල කටයුතු කරන්න ඕන.”