FAST NEWS

24×7 Around the Globe

ගෑස් 200 කින් නගින ලකුණු…

ඉදිරියේදී සමාන්‍ය ගෑස් සිලින්ඩරයක මීල රුපියල් 200කින් පමණ වැඩිවිමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ගෑස් මිල වැඩි කළ යුතු බවට ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති නමුත් එම ඉල්ලීම පිළිබඳ සාකච්ඡා කරමින් පවතින අතර ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් එම ආරංචි මාර්ග කියයි.

විශේෂයෙන් ගෑස් සමාගම් පාඩු ලැබීමත්, ලෝක වෙළඳ පොළේ ගෑස් මිල පසුගිය කාලය තුළ ඉහළ යාමත් ඩොලරයේ මිල වැඩිවිම යන හේතු මත ගෑස් මිල වැඩිකිරීම සඳහා සමාගම් ඉල්ලීමක් කර ඇති බවද පැවසේ

ගෑස් මිල වැඩි කිරීම සඳහා සමාගම් කර තිබෙන ඉල්ලීම පිළිබදව පසුගිදා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට භාජනය වී ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)