FAST NEWS

24×7 Around the Globe

මගියෙකුගේ ජංගම දුරකථනයක් ගුවන්යානයක් හදිසියේ ගොඩබස්වයි..

මගියෙකුගේ ගමන් බෑගයක තිබූ ජංගම දුරකථනයක ඇතිවූ දුමක් හේතුවෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පියාසර කරමින් තිබූ ගුවන්යානයක් හදිසියේ ගොඩබස්වා තිබේ.

මෙසේ ගොඩබස්වා ඇත්තේ ඉන්දියාවේ කෝචි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා පිටත්වූ UL166 දරන ගුවන් යානයයි.

යානය ගොඩබස්වන මොහොතේ එහි මගීන් 202නෙකු ගමන් කරමින් සිට ඇති අතර පසුව ගිනි ගැනීමට ලක්වූ බෑගය ඉවත්කර තත්වය පාලනය කිරිමට ගුවන් යානා කාර්ය මණ්ඩලය සමත්ව තිබේ.

සිද්ධියට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා යානය ගොඩබැස්සවීමට කටයුතු කළ නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වලක්වා ගැනීමට හැකිවූ බව වාර්තා වෙයි.