යුද්ධයේදී ආබාධිත හෝ මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ට රණවිරු අධිකාරිය මගින් මාසිකව ලබාදෙන දීමනාව ලබාගැනීමට යෑමේදී බොහෝ දෙමාපියෝ දැඩි පීඩාවකට පත්ව සිටින බව වාර්තා විය.
රණවිරු සේවා අධිකාරිය මගින් රු.750 ක මාසික දීමනාව දෙමාපියන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරෙන අතර එම දීමනාව ලබාගැනීමට සෑම දෙමාපියකුම බැංකුවට යා යුතු වේ.
මේ වන විට රණවිරුවන්ගේ දෙමාපියන් බොහෝ දෙනකු වයස්‌ගත වී සිටින බැවින් රු.750 ක දීමනාව ලබාගැනීමට ඊට වැඩි මුදලක් වැයකර කුලී රථයක් උපයෝගී කරගෙන බැංකුවට යෑමට සිදුවීමෙන් දැඩි සේ වයස් ගතවූවන්ට එසේ ගමන් කිරීම අසීරු වී ඇත.
එමෙන්ම බැංකුවලට ගොස් වැඩි වේලාවක් පෝලිම්වල සිටීම, උස් පඩි නැගීමේ අපහසුතාවන් විවිධ ශාරීරික දුබලතා හේතුවෙන් එම පිරිස් දැඩි අපහසුතාවන් වලට ලක්‌වෙන බවද පැවසේ.









