FAST NEWS

24×7 Around the Globe

චම්පක රාමනායක බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානයට..

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි එයින් ඉල්ලා අස්වූ චම්පක රාමනායක මහතා බංග්ලාදේශ පුහුණුකරුවෙක් ලෙස බඳවා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

රාමනායක මහතා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුකරු ලෙස බඳවා ගැනීමට මෙහිදි අවධානය යොමුව ඇති අතර යම් හෙයකින් රාමනායක මහතා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වෙන්නේ නම් එය දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් වෙනු ඇත.

රාමනායක මහතා මීට ඉහතදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබුණි.