වෙළඳපළේ දේශීය සහල් හිඟයක් ඇතිවීම වැලැක්වීම පිණිස වී අලෙවි මණ්ඩලය සතු සියලු වී තොග මිලට ගෙන වහාම සහල් කර වෙළෙඳ පොළට නිකුත් කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමූපකාර තොග වෙළඳ සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ.
මේ අනුව වී අළෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 55,000 ක් ඉතා ඉක්මනින්ම සහල් කර වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
(DE සිල්වා)







