විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානයක මහතා අද (26දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා තුනක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
‘විසුම්පාය’ සිය නිල නිවස ලෙස යොදාගැනීමට අදාළව ඔහු එක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණ. විසුම්පාය ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයින්ට නවාතැන් ගැනීමටත් යොදා ගනියි.
තමාට කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු පත්කර ගැනීමට අදාළව තවත් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යවරයා ඉදිරිපත් කළ අතර එයද ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ජනපතිට හා අග්‍රාමාත්‍යවරයාට කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු සිටියි.
මේ අතර ඉන්දියාවේ පිහිටා ඇති ශ්‍රී ලංකා වන්දනාකරුවන්ගේ අධිකාරිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවක්ද ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.









