FAST NEWS

24×7 Around the Globe

මම රවී නම් ඉල්ලා අස්වෙලා..

ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වූ චෝදනාව තමාට එල්ල වුණා නම් ඇමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්‌වන බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවැසීය.

යහපාලන ආණ්‌ඩුවේ සොරුන් සිටින බව අනාවරණය කළ විට තමන්ට ආණ්‌ඩුවෙන් ඉවත්වන ලෙස ඇතැම් පාර්ශ්ව සඳහන් කළ බවත් දැන් එල්ල වී තිබෙන චෝදනා හමුවේ ඉවත් වන්නේ කවුරුන්ද කියා තමා බලා සිටින බවත් හෙතෙම කීය. මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සාක්‌ෂි මඟින් ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා මෙසේ ද කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ රජය සමයේ මේ වාගේ ජනාධිපති කොමිෂන් තිබ්බේ නැහැ. අද මේ රජය ස්‌වාධීනව ක්‍රියාකරනවා. පසුගිය රජයේ කොච්චර හොරු හිටිය ද? අද ජනාධිපති කොමිසම යටතේ ඕනෑම කෙනෙක්‌ පිළිබඳව පරීක්‌ෂණ පවත්වනවා. මෙම පරීක්‌ෂණවලින් හෙළිවෙන තොරතුරු අනුව කවුද අයින්වෙන්නේ කියලා මං බලාගෙන ඉන්නවා.