FAST NEWS

24×7 Around the Globe

“ජෝකර් කෙනෙක් වෙනවට වඩා හොඳයි මම රෙදි ගලවලා පාරේ යන එක.”

“මම උමා ඔය වහපන් කියලා පාරවල් ගාණේ කෑ ගහන්න ගියොත් මම ජෝකර් කෙනෙක් වෙනවා. ඊට වඩා හොඳයි මම රෙදි ගලවල පාරේ යන එක. යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල නවීකරණය කළ බදුල්ල සතිපොල ජනතාවට බාරදීමේ උත්සවයට සහභාගිවෙමින් ප්‍රකාශයක් කරන ලදි.

මහනගර සභා සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනහමුවේදි හරින් ප්‍රනාන්දු ඇමතිවරයා මෙසේද ප්‍රකාශ කලේය.

“මම දන්නවා උමා ඔය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් උද්ගතවෙලා තියන අවස්ථාවක ගොඩක් මිනිස්සු හිතනවා අපි කර ඇරලා ඉන්නවා කියල. අපි නොකරපු පවක් අපේ කර උඩට ඇවිල්ලා ති‍යෙනවා. කෙරුවේ වෙන කට්ටියක්. පව් ගෙවන්නේ තව කට්ටියක්. බැනුම් අහන්නේ තව කට්ටියක්. ඒක තමයි දේශපාලනයේ කරුමේ. මම මුල් ගලක් වත් තිබ්බේ නැහැ .මම උමගක් කපන්න කිව්වේත් නැහැ .මම ඕක ගැන දන්නේත් නැහැ .ඒත් මින්ස්සු බනින්නේ මට. ලෝකයේ හැටි ඔහොම තමයි .කරන්න දෙයක් නැහැ. දැන් අපි කරන්න ඕන දේ ආණ්ඩුව තුළ කරනවා . පෙලපාලි ගිහින් බනින්න බැහැ .

උමා ඔයට ගිහිල්ලා මිනිස්සු එක්ක එකතු වෙලා උද්ඝෝෂණය කරන්න බැහැ .මොකද මම ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක්. මට පාරේ සටන් කරලා ඡන්ද ගන්න ඕන නම් ගිහින් වෙන සටනක් කරන්න පුලුවන් .මේ වෙලාවේ ඡන්ද ගන්න එක නෙමෙයි කරන්න ඕන මිනිස්සුන්ට සහන හොයලා දෙන එක. මම ඒකයි කළ යුත්තේ. මම කළ යුත්තේ වෙන දෙයක් නෙමෙයි .ඒ නිසා මම හිතනවා ඒක වෙලා තියනවා. අද ඒ කමිටුවෙන් විශාල සහන රාශ්‍රියක් හම්බවෙලා තියනවා හැබැයි ඒවා කවුරුත් දන්නේ නැහැ .මගේ හදවත දන්නවා ඒක හොදටම ඇති.”