FAST NEWS

24×7 Around the Globe

අයාලේ යන බල්ලන් මරන බවට එල්ල වන චෝදනාවට චම්පික දුන් පිළිතුර..

ආණ්ඩුව විසින් අයාලේ යන බල්ලන් සහ ගවයන් මරා දමනු ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන චෝදනාවන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ(20) පැවති බදුල්ල සතිපොල ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක් වෙමින් පැවැසීය.

අයිෆා සිනමා උළෙල පැවති කාලයේ නම් අයාලේ යන බල්ලන් මරා දැමූ බව කී අමාත්‍යවරයා තම අමාත්‍යාංශය කිසි විටෙකත් එවැනි ක‍්‍රියාදාමයන්ට නොයන බව ප්‍රකාශ කළේය.

මාර්ග දෙපස පොලිතීන් ආහාරයට ගනිමින් සිටින මෙම අසරණ සතුන්ගේ ජීවිත රැකගන්න ඉදිරිපත් වෙන්නැයි සුනඛයින් හා ගවයින් ගැන සමාජ මාධ්‍ය ජාල හා මාධ්‍ය තුළ අනුකම්පාවෙන් කතාකරන අයගෙන් තමන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

සත්ත්ව අවිහිංසාවාදීන් ලෙස මාධ්‍යයේ රඟනොපා අවංකව එම සතුන් වෙනුවෙන් පෙනී සිටිමින් පළාත් පාලන ආයතන ගෙනයන වැඩපිළිවෙලට සහාය දක්වන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.