FAST NEWS

24×7 Around the Globe

ජයසේන මහතාට කලකට පසු හමුවූ ‘දෙවන මනමාලයා’.. (ඡායාරූප)

අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණි.

එහිදී ජනාධිපතිතුමා හමුවට දිගු අතීතයක සිට පැවත එන ගැඹුරු මිතුදමක මතක ගොන්නක් ද රැගෙන ඉදිරියට පැමිණි ඔහු විශ්‍රාමික ගුරුවරයෙකු වූ අතර ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු ද වූ පානදුර මාලමුල්ලේ ජී.ජයසේන පිරිස් මහතා විය.

60 දශකයේ ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබ පොළොන්නරුව ඇතුමල්පිටිය පාසලේ සේවයට ගොස් සිටි අවධියේ ජයසේන මහතාගේ සමීපතම මිතුරාව සිටියේ එවක පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව සදහන්ය.

ඔවුන් අතර මිතුදම කොතෙක් ගැඹුරු විද යත් ජයසේන මහතාගේ විවාහයේ දෙවෙනි මනාලයා ලෙස එක්වුයේ ද මේ උසස් පෙළ සිසුවා වන අතර තම දුෂ්කර ගුරු සේවයේ වෙහෙස පවස නිවා ගන්නට නොනිම් සිසිලක් වු තම ගම්බද සගයා අද රටේ ජනාධිපති ධූරය හෙබවූව ද ඔහු ඉදිරියේ ජයසේන පීරිස් මහතාට අදත් දැනුණේ ඒ සුපුරුදු අතීත ලෙන්ගතුකම බව පැහැදිලිය.