FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු රෝගීන්ට පැපොල් පත්‍ර යුෂ සුදුසුද..!

ඩෙංගු රෝගීන් සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු ද යන්න සොයා බැලීමට විද්‍යාත්මකව පර්යේෂණ සිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ(20) පස්වරුවේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැති ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවක ප්‍රණාම උත්සවයේදී පැවැසීය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා..

“ඩෙංගු රෝගීන් සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු බව සමාජය තුල මතයක් තිබෙනවා. එය සොයා ගත්තෙත් ශ්‍රී ලංකාවෙන්. නමුත් ඉන්දියාව පැපොල් පත්‍ර යුෂ ආශ්‍රයෙන් ඖෂධ නිෂ්පාදනය කරනවා. ඔස්ට්‍රේලියාවෙත් ඖෂධ නිපදවනවා. මෙම ඖෂධ සුදුසු ද යන්න පිළිබදව විද්‍යාත්මක දත්ත සොයාගෙන නැහැ. ඩෙංගු මර්දනය පිළිබද විශේෂඥයින් පැපොල් පත්‍ර යුෂ ඖෂධය පිළිගන්නේ නැහැ. පර්යේෂණ මගින් සොයා ගත යුතුයි. වෙනත් රෝගවලටත් දේශීය වෛද්‍ය විද්‍යාවේ ඖෂධ තිබෙනවා. විද්‍යාත්මක පර්යේෂණ සිදුකර රෝග නිවාරණයට පියවර ගත යුතුයි.”

“කෘත්‍රීම ඖෂධ වලින් ශරීරයට සිදුවන බලපෑම දේශීය ඖෂධ වලින් සිදු වන්නේ නැහැ. ශාකසාර ඖෂධවලට ලොකු ඉල්ලුමක් තිබෙනවා. 2016 වසරේ දී ලෝකය තුල ශාකසාර ඖෂධ ඇමරිකානු ඩොලර් බිලියන 64 ක අලෙවි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආයුර්වේදය ද ආක්‍රමණය කළ යුතුයි.”