FAST NEWS

24×7 Around the Globe

මෙරට තරුණ සිසුවීයෝ බොහෝමයක් නිල් චිත්‍රපටවල !!!

මෙරට විශ්වවිද්‍යාලවල, ජාත්‍යන්තර පාසල්වල හා ජනප‍‍්‍රිය පාසල්වල ඉගෙනුම ලබන තරුණ සිසුවියන් රැසක් සිය කැමැත්තෙන් නිල් චිත‍‍්‍රපට සඳහා පෙනී සිටීමේ වැඩි ප‍‍්‍රවණතාවක් ඇති වී ඇතැයි ශ‍‍්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරියකු ප‍‍්‍රකාශ කළේ එවැනි සිදුවීම් සම්බන්ධව පැමිණිලි රාශියක් මේ වනවිට ලැබී ඇති බවත්, එම පැමිණිලි සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්ය.

එසේම පාසල් යන වයසේ පසුවන ගැහැනු ළමුන්ගේ නිරුවත් ඡායාරූප සම්බන්ධව ලැබී ඇති පැමිණිලි විස්සකට අධික ප‍‍්‍රමාණයක් පිළිබඳව ද මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මේ ඡායාරූප වැඩි ප‍‍්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වෙබ් කැමරා සහ සෙල්ෆි ඡායාරූප මාර්ගයෙන් බවද සඳහන් වේ.