ගතවූ විසි වසරක කලක් පුරා ගැහැණු ඇදුමින් සැරසී ජීවිතය ගත කල තරුණයෙක් පිලිබදව චීනයේ Guilin නම් ප්රදේශයෙන් වාර්තා වේ.
එසේ ඔහුට කාන්තාවක් ලෙස වෙස් ගැනීමට සිදු වී ඇත්තේ ඔහුගේ සහෝදරිය ලෙස පෙනී සිටීමේ අරමුණෙන් තම මානසික රෝගී මව සැනසීම උදෙසාය.
තම සහෝදරිය අභාවප්රාප්ත වීම නිසා මානසික රෝගී තත්වයෙන් පිඩා විදින මවගේ සැනසීම උදෙසා නැගණිය ලෙස වෙස් ගෙන ඔහු එලෙසින් ජිවත් වන බව වාර්තා වූ අතර මේ වන විට පනස් වියේ පසුවන ඔහු මුලින්ම සාම්ප්රදායික චීන ගව්මින් සැරසී තම මව ඉදිරියේ පෙනී සිටින්නේ ඔහුට අවුරුදු තිහේ පමණ සිට බව සදහන්ය.
ලෝකයා විවිධ අයුරින් කතා හැදුවත් ඔහුගේ අරමුණ වෙනස් නොකොට තම මවගේ සතුට වෙනුවෙන් ජීවිතයේ සියලු කැපකිරීම් කරමින් සිටින ඔහු පවසා ඇත්තේ මේ වන විට ඔහු ලග පිරිමි ඇදුමක්වත් නොමැති බවයි.











