FAST NEWS

24×7 Around the Globe

“ඒ වැඩේ අතහැරියා..”

තමා ජයග්‍රහණය කළ ඔලිම්පික්‌ පදක්‌කම විකිණීමට දැරූ අදහස අත්හැර දැමුවේ යැයි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා කළ අවවාදයන් මත මෙම අදහස අත්හැරිය බව කී සුසන්තිකා ජයසිංහ මහත්මිය කලබල නොවී සිටින ලෙසට හිටපු ජනාධිපතිවරයා තමා දැනුවත් කළ බවද කීවාය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාත් තමා සමඟ මේ පිළිබඳව කතා බස්‌ කළ බවත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ලේකම්වරයාද තමා ඇමතූ බවත් ඇය සඳහන් කළාය.

මේ හැර රජයේ වෙනත් කිසිවකු මේ පිළිබඳව කතාබස්‌ නොකළ බව කී සුසන්තිකා ජයසිංහ මහත්මිය බිහිරි අලින්ට විනා ගායනා කර පළක්‌ නැතැයි ද සදහන් කළාය.