FAST NEWS

24×7 Around the Globe

රටක් බෙදුන වෙලාවක ව්‍යවස්ථාවක් හැදුවට ජාතික එකමුතුව ඇති වෙන්නෑ..

රටක් බෙදී තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළද ජාතීන් අතර එකමුතුකමක් නිර්මාණය වන්නේ නැති බවත්, වර්තමාන ආණ්ඩුව යටතේ සියලු ජාතීන් එකතු වී සමඟිව ඉදිරියට යායුතුයි කියන වැටහීම තිබෙන නිසා ව්‍යවස්ථාමය කටයුතු ඉදිරියට ගෙන යෑමට හැකි වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘People of Srilanka’ ග්‍රන්ථය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබුණේ ශ්‍රී ලංකාවේ වාසය කරන ජනවර්ග 19ක් පිළිබඳ තොරතුරු, ඔවුන්ගේ සංස්කෘතීන් සහ සිරිත් විරිත් පිළිබඳ කරුණු ඇතුළත් කරමින් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ මඟ පෙන්වීම යටතේය.