FAST NEWS

24×7 Around the Globe

ඇඳගෙන ආ ගවුම නිසා කොල්ලුපිටියේ පොලිසියට..

බුදු රුව සහිත ගවුමක් ඇඳගෙන තම මව සමග සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය ජාතික තරුණියක් කොල්ලුපිටියේ දී පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක වෙළෙඳ සැලකින් මෙම තරුණිය බුදු රුව සහිත ඇඳුමින් සැරසී භාණ්ඩ මිලට ගනිමින් සිටිය දී කිසියම් පුද්ගලයෙකු පොලිසියට ඒ බව දැනුම් දී ඇතැයි සඳහන්ය.

ඒ අනුව ඇයව පොලිසියට කැඳවා අවවාද කර මුදා හැර තිබෙන අතර ප්‍රශ්න කිරීම්වලදී මෙම තරුණිය පවසා ඇත්තේ තමන් මෙම ගවුම තායිලන්තයෙන් මිලට ගත් බවයි.

බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිරූපයට හානි වන ඇඳුම් ඇඳීමේ වරද කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රියදර්ශන සිල්වා ඇයට පහදා දුන් පසු ඇය සිය කනගාටුව පළ කර ඇති බවද සඳහන්ය.