“අද මේ රටේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි, දෙන්නම සුපිරිසුදු නායකයෝ දෙන්නෙක් බව බය නැතිව කියන්න පුළුවන්. ඒ දෙන්නාගෙන් පස්සේ ඒ තනතුරුවලට ඒ පවුල්වලින්ම කිසිවෙක් තනතුරුවලට ගන්න මේ නායකයන් දෙන්නාටම අවශ්‍යතාවක් නැහැ. පවුල්වල අයට බෙදන්න නෙවෙයි මේ අය පත්වුණේ. මම මේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මම කියන දේවල් ගැන ගෙදර ගිහින් හොඳට කල්පනා කර බලන්න. උණු තේ එකක් බිබී කල්පනා කරන්න. මාධ්‍යවල පළවන එක එක දේවල් ගැන හොඳින් සොයා බලන්නේ නැතිව විශ්වාස කරන්න එපා.”
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එසේ ප්‍රකාශ කළේ, බෙන්තොට, මිරිස්වත්ත, මහකුරුන්ද වත්ත, සුරම්‍යගම නිවාස 25ක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති ජන හමුවේදීය.
“මගෙත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි. මොකද මගේ ඉලක්කයට යනතුරු මම ටිකක් මුරණ්ඩුයි. මගේ පියා වැඩකළේ යම්කිසි ඉලක්කයක් අනුවයි. මටත් ඒ වගේ ඉලක්කයක් තිබෙනවා. මගේ ඉලක්කය මගේ පියාගේ ඉලක්කයන් පවා අභිභවා යෑමයි. මගේ නිලධාරීන් ඒ අනුව වැඩ කරන්න ඕනේ. මට ඉතා හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒත් මම නිතරම ඔවුන් අගය කරන්නේ නැහැ. ඒ කලාතුරකින් කරන ඇගයීම. මෙහිදී කරනවා.
රටේ පොදු ජනතාව වෙනුවෙන් වෙන් කරන හැම තඹ සතයක්ම වැය කොට ජනතාවට අවශ්‍ය උපරිම සේවාවක් ලබා දීමට මට අවශ්‍යයි. ඒ සඳහා මේ නිලධාරීන් දැඩි කැපවීමකින් කටයුතු කරනවා. මම හරියටම ගණන් බැලුවේ නැහැ. ඒත් මට හිතෙන විදියට අපට තව ඉතිරිව ඇති කාලය මාස තිස් අටයි. අපේ රාජ්‍ය බලය ඉවර වෙන්න කලින් අඩුම තරමින් මේ වගේ උදා කළ ආදර්ශ ගම්මාන 2,500ක්වත් හැදීම මගේ ප්‍රධාන ඉලක්කය” යැයි යනුවෙන්ද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.