FAST NEWS

24×7 Around the Globe

කිසිම මන්ත්‍රීවරයෙක්ගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුව සතුව නෑ..

කිසිදු මන්ත්‍රීවරයකුගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුව සතුව නැතැයි පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සඳහා පැවැති වැඩමුළුවකදී ඊට සහභාගි වූ මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඉද්දවල මහතා ප්‍රකාශ කළේ මහජන නියෝජිතයකු වශයෙන් මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට තේරී පත්වී පැමිණි පසුව ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලා සිටීමට හෝ විමසීමට පාර්ලිමේන්තුවට හැකියාවක්‌ නොමැති බවයි.

ඕනෑම කෙනෙකුට මන්ත්‍රීවරයකු වීමට අවශ්‍ය සුදුසුකම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දක්‌වා ඇතැයි කී නීල් ඉද්දවල මහතා භූතානය වැනි රටක මන්ත්‍රීවරයකු වීම සඳහා උපාධියක්‌ තිබීම අනිවාර්ය යැයිද කීවේය.

එමෙන්ම වයස අවුරුදු හැට, හැට පහ ඉක්‌මවූ පසුව මන්ත්‍රීවරයකු වීම සඳහා ඉල්ලීමක්‌ කිරීමට එරට පුරවැසියන්ට හැකියාවක්‌ නැතැයි ද කී නීල් ඉද්දවල මහතා ශ්‍රී ලංකාවේ එවැනි සීමා නීතිගත කර නැතැයිද පැවසුවේය.