FAST NEWS

24×7 Around the Globe

කසල දාන්න ආවොත් මම පාරේ බිම නිදාගන්නවා..

පිළියන්දල කරදියානට කැළි කසළ දැමීමට පැමිණියහොත් එයට එරෙහිව කරදියාන මාර්ගයේ ඉස්‌සෙල්ලාම බිම නිදාගන්නේ තමා යැයි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා බත්තරමුල්ල පළාත් සභා පරිශ්‍රයේ ඊයේ (18) පැවති බස්‌නාහිර පළාත් සභා රැස්වීමේදී පැවැසීය.

ජනතා විමුක්‌ති පෙරමුණ පළාත් සභා මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුනආරච්චි මහතා විසින් කොළඹ නගර සභාව කරදියානට කසළ දැමීම සඳහා අභියාචනාධිකරණයෙන් අවසර ලබාගැනීමට උත්සහ කරන බවත් එසේ අනුමැතියක්‌ ලබාගෙන කසළ දැමීමට පැමිණියහොත් මහ ඇමැතිවරයා ලෙස කුමන පියවරක්‌ ගන්නේ දැයි මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා එසේ පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මහ ඇමැතිවරයා පවසා සිටියේ පළාත් සභාවෙන් අවසරයක්‌ නොගෙන කසළ කරදියානට දැමීම සම්බන්ධයෙන් තීරණයක්‌ ගැනීමට නාගරික කොමසාරිස්‌වරයාට නොහැකි බවය.