පසුගිය කාලයේ නිතර කථාබහට ලක්වූ ඉන්පසු ටික කලක් නිහඩව සිටි වික්ටර් රත්නායකගේ නව බිරිඳ හෂිනි අමේන්ද්‍රා ඔවුන්ගේ විවාහ දිවිය පිළිබද නැවත පුවත්පතකට අදහස් දැක්වීමක් කර තිබේ.
‘අපේ පවුල් ජීවිතය හරිම සතුටින් ගතවෙනවා. පසුගිය කාලයේ ප්‍රදේශ කිහිපයකම ප්‍රසංග පැවැත්වුණා. ප්‍රසංගවලට මහත්තයා සහභාගි වුණා. ලබන 21දා සිරස ස්ටයින් මැදිරි සංකීර්ණයේදීත් තවත් ප්‍රසංගයක් පැවැත්වෙනවා. පසුගිය මැයි මාසයේදී එංගලන්ත සංචාරයකට සහභාගි වුණා. වික්ටර්, කසුන් කල්හාරත් සමග එක්ව පැවැත්වූ ප්‍රසංගයක් වෙනුවෙනුයි අපි එංගලන්තයට ගියේ. යුග දෙකක ගායකයන් දෙදෙනකුගේ සුසංයෝගයකින් පැවැත්වූ ප්‍රසංගයක් නිසා එයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. අනෙක් ඒක තමයි විවාහයෙන් පස්සේ අපි දෙදෙනා සහභාගි වුණු පළමු විදෙස් සංචාරය. හැම කටයුත්තකදීම මම සැමියගේ ළඟින්ම සිටිනවා.
හැමදේකටම අපි දෙදෙනාටම තමයි ආරාධනා ලැබෙන්නේ. වික්ටර් රත්නායක මහතාගේ ජීවිතයේ හොඳම කාලය එළැඹෙන්නේ වයස 75න් පසුව බව ඔහුගේ කේන්දරයේ සඳහන් වෙලා තිබුණා. මම ඒ කතාව 100ක්ම විශ්වාස කරනවා.
කෙනෙක් සතුටින් ඉන්නවා නම් ඔහුට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් විදිහේ පසුබිමක් සකස් වෙනවාමයි. මහත්තයව සතුටින් තබන්න තමයි මම හැම විටම උත්සාහ කරන්නේ. අපට අවලාද නගපු අයට අපගේ සාර්ථකත්වය ඉවසා ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒත් දෛවය කාටවත් වෙනස් කරන්න බෑනේ.. ගෙදර හැම වැඩක්ම මගේ අතින් තමයි කෙරෙන්නේ.
අනෙක මට සංගීත දැනුමක් තිබෙන නිසා මහත්තයගේ සංගීත කටයුතුවලටත් මට සහාය වෙන්න පුළුවන්. සමහර වෙලාවට යම් ගීතයක් වෙනුවෙන් ඔහුගේ අතින් තනු දෙකක් නිර්මාණය වුණොත් ඒ අතරින් වඩාත් හොඳ මොකක්ද කියලා මගෙන් තමයි අහන්නේ.
අපි කවදාවත් චෝදනාවලින් සැලුණේ නැහැ. අනෙක සමාජ ජාල අඩවිවල පැතිරෙන දේවල් ඒ දිනවල බැලුවෙත් නැහැ. අද බලන්නෙත් නැහැ. මහත්තයාත් අවශ්‍යම දේකට විතරයි අන්තර්ජාලයට පිවිසෙන්නේ. ඒ දේවල් අපි ලොකු ගැටලු බවට පත් කරගෙන නැහැ.
දෙපැත්තට වැනෙන විදිහේ තීරණයක් නොවෙයි මම ගත්තේ. මහත්තයාත් එහෙමයි. විවාහයට කලිනුත් අපි කාලයක් තිස්සේ සමීපව ඇසුරු කළා. ඉතින් මගේ තීරණය ගැන අදටත් මට තියෙන්නේ ලොකු සතුටක්.‘
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.