FAST NEWS

24×7 Around the Globe

මියගිය කාන්තාවක් දරුවන් බිහි කරලා..

මොලය මියගිය කාන්තාවක් විසින් දින 123 කට පසුව නිරෝගී දරුවන් දෙදෙනෙකු බිහිකිරීමේ සිදුවීමක් බ්‍රසීලයෙන් වාර්තා විය.

හදිසි සිසේරියන් සැත්කමකින් මෙම පිරිමි හා ගැහැනු දරුවන් උපත ලබා ඇති අතර මවගේ වයස අවුරුදු 21ක් බව සදහන්ය.

ඇය මියයන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී වන නමුත් වෛද්‍යවරුන් විසින් ඇයගේ හෘදයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හඳුනාගැනීමත් සමඟ ඇයගේ කුසේ සිටි  දරුවන් දෙදෙනාට ජීවත්වීමේ භාග්‍ය හිමි වෙයි.

කෙසේ වෙතත් දින 123 කට පසුව ලොව මවිතයට පත්කරමින් එම දරුවන් දෙදෙනාගේ උපත සිදුවන අතර තම බිරිඳ අහිමි වීමෙන් කම්පනයට පත්ව සිටි 24 හැවිරිදි ස්වාමිපුරුෂයා මේ නිවුන් දරු උපතින් ප්‍රීතියෙන් ඉපිල ගිය බවද වාර්තා වෙයි.

මෙම දින 123 අතර වෛද්‍යවරුන් මෙන්ම සංගීතඥයන්ද රෝහලට පැමිණ ඇති අතර එසේ පැමිණි සංගීතඥයන් විසින් මව මියගිය කුසතුළ සිටින දරුවන් මිහිරි සංගීතයෙන් රසවත් කිරීමටද කටයුතු යොදා තිබූ බව සදහන්ය.

වීඩියෝව පහතින්..