FAST NEWS

24×7 Around the Globe

මහේලගෙන් ඛෙත්තාරම ගැටුම ගැන ටිවීටර් ප්‍රකාශයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ පැවැති තරගය අතර තුළදී ඇතැම් ප්‍රේක්ෂකයන් හැසිරුණ ආකාරය විශ්වාස කළ නොහැකි බවත්, තරගයේ ප්‍රතිපලය නියමාකාරයෙන් බාර ගැනීමට ප්‍රේක්ෂකයන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

එසේම එම ගැටලුකාරී තත්ත්වය සියලුම ශ්‍රී ලාංකිකයන් විසින් ඇතිළ නොකළ බවත් පැමිණි ප්‍රේක්ෂකයන් අතර සිට ඉතාමත් අවම පිරිසක් මේ සඳහා මැදිහත්ව තිබෙන බවත් ඔහු පවසයි. සිය ට්විටර් ගිණුම හරහා අදහස් දක්වමින් මහේල මෙම අදහස් දක්වා තිබේ.

Capture(83)