FAST NEWS

24×7 Around the Globe

ප්‍රසූත කළ දරුවාව මව එපා කියයි.. හේතුව මෙන්න..

දරුවකු ප‍්‍රසූත කිරීමෙන් පසු එම දරුවා නිවසට රැගෙන යෑම ප‍්‍රතික්ෂේප කළ 18 හැවිරිදි තරුණියක නිසා රෝහල් නිලධාරීන් මහත් අපහසුතාවට පත් වීමේ පුවතක් නුවරඑළිය මූලික රෝහලින් වාර්තා වේ.

විවාහ කර ගන්නා පොරොන්දුව මත මෙම තරුණිය 27 හැවිරිදි දෙදරු පියකු සමග මීට මාස කීපයකට පෙර සබඳතාවක් පවත්වා ඇති බවත්  ඔහුට දාව දරු ගැබක් ඇති වීමත් සමග ඔහු මෙම තරුණිය මග හැර යෑමට පටන් ගෙන ඇති බවත් මේ පිළිබදව තොරතුරු සෙවීමේදී අනාවරණය වී තිබේ.

ලිඳුල පොලිස් බල ප‍්‍රදේශයට අයත් තේ වත්තක පදිංචි තරුණියක මෙම අකරතැබ්බයට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් මීට මාස හතරකට පමණ පෙර එම පුද්ගලයා තමාව මගහරින බව පවසමින්  ඇය විසින් ලිඳුල පොලිසියට පැමිණිල්ලක්ද යොමු කොට තිබේ.

මෙවැනි පැමිණිල්ලක් මීට මාස හතරකට පමණ පෙර පොලිසියට ලැබුණු බවත් වයස සම්පූර්ණවීමත් දෙදෙනාගේ කැමැත්තෙන් මෙම දේ සිදුව ඇති නිසාත් ඒ පිළිබදව නීතිමය පියවර ගැනීමට පොලිසියේ  ප‍්‍රතිපාදන නොමැති බව මේ පිළිබදව කරන ලද විමසීමේදී ලිඳුල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඊ. එම්. ටී. බී. විජේරත්න මහතා පැවැසීය.